නාලන්දා ඔබ ගරු නම සුරකින
අපි ඔබ සිසු දරුවෝ
අපි ඔබ සිසු දැරියෝ
ජය කිතු ගොස නිති නැගුවෝ //
සතර සදා දී සමඟි දමින් බැඳි
එක සෙවනක සිහිලේ වැඩුණෝ
ජාතික ආගම් භේද තුරන් කළ
ලක් මවගේ එක්සත් දරුවෝ
නොයෙක කලා විදු නැණස වඩා සැදූ
ගුණ දම් අප වෙත ජනිත කළෝ
ඔබය අපේ මව අප ඔබගේ දරු
සැරද සැරද නාලන්දාවෝ
ජය වේ ජය වේ නිත - ජය ජය ජය